2018.ජූනි මස 25 වන දින කාර්යාල කාර්ය සහායක නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා  නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සේවයට වාර්තා කරන ලද ඊ.සමීර ප්‍රසාද් සහෘදයානන් 2018 දෙසැම්බර් මස 28 වන දින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවයට පත් විය. රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඔහු මිය යන විට තිස්වන වියේ පසුවිය.සෑම පොදු කටයුත්තකදීම කැපවීමෙන් සහ උනන්දුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙමින් කාර්යාලීය නිලධාරින් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඉතා කෙටි කලක් තුළ කාර්යාලයේ සෑමදෙනාගේම සිත්දිනාගනිමින් තම රාජකාරි මැනවින් ඉටුකිරීමට සමීර ප්‍රසාද් මහතා සමත් විය.

නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සෑම වර්ෂ අවසානයකදීම කොට්ඨාසයේ වැඩ වසන මහා සඟ රුවන කාර්යාලය වෙත පෙරහරින් වඩාහිඳුවා මහා සාංඝික දානමය පිංකමක් පවත්වනු ලබයි.තවද මේ සඳහා කොට්ඨාශයේ අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන්ද දානය පිරිනමයි.

නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් ආර්.කේ.එස්.එස්.සී විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  2018.09.28 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් වෙනුවෙන් කාර්යාලීය නිලධාරීන් විසින් සකස් කරන ලද අලංකාර කප්රුකක් පූජා කරන ලදී.

News & Events

10
Jan2019

සහෘදයෙකුගේ නික්ම යාම

2018.ජූනි මස 25 වන දින කාර්යාල කාර්ය...

04
Dec2018

වාර්ෂික සාංඝික දානමය පිංකම - 2018

නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සෑම වර්ෂ...

Scroll To Top